අලුත් ඉරක්......
මන්දාරම් අඳුර මකා ගෙන අලුත් ඉරක් එයි කන්ද කපා ගෙන හිතේ සතුට දොරේ ගලා ගෙන දුක පලයන් පොළව පලා ගෙන පෙරදා තරු සතුට ගෙනා වට මල් පිපුනා සුමුදු සිනා වට මම නොකියු පුංචි කතා වට තරහා උනා කඳුලු උනා නිල් ඇස් වට සිතේ පැතුම් මල් පූදා යන්නට දුර මග සිතින් පතා මා අවත් තනිවුනේ මහ මග කඳුලු දරා මා කිවත් එන්නට යලි මග අද තනිවම යන්න ගියා ඈ යන ඇගේ මග ඔබේ ඇසින් තව කඳුලැල් වැටෙනු එපා ඔබේ සිතට දුක් කරදර දැනෙනු එපා කොතන ගියත් සොර සතුරන් ඇති වෙන්න එපා ගියපු මගෙන් ආපසු හැරි එන්න...