Kindle E-Reader
ආයුබෝවන් ! ඔන්න අද අපි කතාකරන්න යන්නේ " Kindle E-reader " එක ගැන. මොකක්ද මේ උපකරණය, මේකෙන් මොකක්ද කරන්නේ, මේක භාවිතා කරන එකේ වාසි අවාසි මොනවද කියලා අපි කතාකරමු. Kindle E-reader කියන්නේ " Amazon.com " එකෙන් නිර්මාණය කරපු උපකරණයක්. මේක පොත් කියවන්න හදපු Electronic උපාංගයක්. මේක හරියට කියුවොත් අපි MP3 player කට සින්දුවක් download කරලා අහනවා වගේ පොත් download කරලා බලන්න පුළුවන් උපාංගයක්. මේක භාවිතා කරන අයට පුළුවන් පොත් ලක්ෂ ගණනක් " Amazon.com " හරහා කියවන්න. මේකෙදි කියන්න ඕනේ මේ පොත්වල pdf එක සාමාන්‍ය පොතේ ගානට වඩා ගොඩක් අඩුයි. ඒවගේම magazines, news papers වගේම internet යනන්ත් පුළුවන්. හරි අපි කල්පනා කලොත් මේ e -reader එකෙත් computer එකෙත් වෙනස මොකක්ද කියලා, එකේ වෙනස තින්නේ e -reader එකේ අකුරු display කරන technology එකේ තමයි. මේකේ battery life එක ගොඩාක් කාලයක් තියෙනවා සාමාන්‍යයෙන් සතියක් වගේ තියෙනවා කියල කියන්නේ. ඒවගේම මේක බරෙන් ගොඩක් අඩුයි. ඒ වගේම අතේ රඳවා ගන්නත් පහසුයි. ඉතින් මේක කියවීමට ගොඩක් ආස අයට බොහෝ වැදගත් උපකරණයක...