CCTV Camera සවිකිරීම හා නඩත්තුව නොමිලේ ඉගෙන ගනිමු - 01 කොටස

ආයුබෝවන් ! 
ඔන්න අද අපි සිතුවිමන් අධ්‍යාපනික සඟරාවෙන් අලුත් දෙයක් ඔයාලට ලබාදෙන්න යන්නේ, ඒ තමයි ගොඩක් දෙනෙක් සල්ලි දීලා ඉගෙන ගන්න බලන වගේම හොද මුදල් ඉපයීමේ මාර්ගයක් එකියන්නේ හොඳ Business එකක් විදියට කරන්න පුළුවන් CCTV System සවිකිරීම හා නඩත්තුව ගැන නොමිලේ ඉගෙන ගන්න.

අද දවසේ අපි කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ CCTV System එකක ප්‍රධාන කොටස් අඳුනාගැනීම සහ ඔබ CCTV System එකක් සවිකිරීමට බලාපොරොත්තු වෙනවානම්, අවශ්‍ය වන Tools මොනවද කියලා.

සියල්ලටම කලින් මම ඔබගෙන් ඉල්ලසිටිනවා මේ වගේ අධ්‍යාපනික වැඩසටහන් නැරබීමට අපේ YouTube Channel එක  Subscribe කරන්න, ඒවගේම Bell icon එක click කරන්න කියලා. ඒ වගේම අපේ සිතුවිමන් Blog එකත් Follow කරන්න කියල. 

ඔබ දනන්වනේ හැමෝම CCTV, CCTV කියලා කියනවා එත් එකේ තේරුම දන්නේ බොහොම ටික දෙනයි. ඉතින් අපි මුලින්ම බලමු මොකක්ද මේ CCTV කියන එකේ තේරුම කියල. CCTV කියන්නේ, Closed - Circuit Television කියන එක කෙටි කරලා. 
CCTV System එකක් Install කරන්න හා Design කරද්දී අපි බලන්න ඕන බොහෝ Rules and Regulations තියෙනවා. ඒවා අපි ඉදිරියේදී කතාකරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි බලමු CCTV System එකක තියෙන ප්‍රධාන කොටස් මොනවද කියලා.

1. CCTV Camera - CCTV camera ගත්තම මේකෙන් තමයි video එක ලබාගන්නේ. පසුව මෙය DVR /NVR උපාංගයට Coaxial Cable එකක් හෝ  Network Cable එකක්හ රහා යවලා එහි ගබඩා කරනවා. CCTV Camera විවිද වර්ග තියෙනවා සහ එහි තියෙන features අනුව විවිද catogory අනුව වෙන් කරන්න පුළුවන්.උදාහරණයක් විදියට සැලකුවොත්, 
  1. Dome Camera
  2. Bullet Camera
  3. C-Mount Camera
  4. PTZ Camera ( Pan Tilt & Zoom Camera)
තවත් විදියට සැලකුවොත්,
  1. Analog Cameras
  2. Digital Cameras
තවත් විදියට සැලකුවොත්,
  1. 1MP Cameras
  2. 2MP Cameras
  3. 5MP Cameras
වගේ තව බොහෝ ආකාර තියෙනවා. නමුත් අද අපි එතරම් ගැඹුරට මේ ගැන කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ.
2. DVR / NVR - මේ උපකරණයට තමයි අපි සියලුම Camera ටික Connect කරන්නේ. ඒ වගේම Hard Drive එක සම්බන්ද කරලා තියෙන්නේ. DVR/NVRත් විවිධ වර්ග තියෙනවා. නමුත් අද අපි ඒගැන කතාකරන්න යන්නේ නෑ. 

3. Hard Drive - මේ උපකරණයේ තමයි සියළුම Video ගබඩා කරන්නේ.
4. Power Supply - මේකෙන් තමයි Camera වලට Power Supply කරන්නේ. බොහොමයක් Camera 12VDC තමයි බවිතා කරන්නේ.

5. BNC Connectors - CCTV Camera Signal Cable එක Camera එකට සහා DVR එකට සවිකිරීමට මෙම Connector එක භාවිතා කරනවා.
මේ ප්‍රධාන උපකරණ වලට අමතරව තවත් උපකරණ ඒ ඒ අවස්ථාව අනුව භාවිතා කරනවා. නමුත් අපි ඒවා සියල්ල ගැන මේ අවස්ථාවේ කතාකරන්න යන්නේ නෑ. අපි මේක ගොඩක් සරලව කරන්න කරන්න බලාපොරොත්තු වෙන නිසා. නමුත් ඉදිරියේදී අපි Practical Situation ගැන කතාකද්දී අපි අවස්ථාව අනුව ඒ වාත් පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා.

ඔන්න අපි අද දවසේ අවසාන කොටසට ඇවිත් ඉන්නේ, කවුරුහරි කෙනෙක් බලාපොරොත්තු වෙනවනම් CCTV Camera System සවිකිරීමට, එයාට මොන වගේ tool ද අවශ්‍ය වෙන්නේ කියලා,
  1. Hammer Drill 
  2. Drill Bit 
  3. Paper Cutter
  4. Screw Driver set 
  5. Pliers
  6. Allen Key Set
  7. Insulation Tape
  8. Multimeter 
  9. Hammer
  10. Wire Stripper 


ප්‍රධාන වශයෙන් මේ උපකරණ ටික තමයි අවශ්‍ය වෙන්නේ. හැබැයි අවස්ථාව හා සවිකරන තැන අනුව මීට අමතරව වෙනත් එහෙමත් tools උවමනා වෙන්න පුළුවන්.

එහෙනම් ඔන්න අපේ පළමු කොටස අවසාන වෙනවා, ඊළග කොටසින් අපි කථාකරන්න බලාපොරොත්තු වෙන්නේ CCTV System එකක් Design කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ සවිකරන ස්ථානය තීරණය කරන්නේ කොහොමද , Camera තෝරාගන්නේ කොහොමද කියල.

එහෙනම් ඊළග කොටසින් හමුවෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක් !



Comments

  1. ඉතා හොද දෙයක්..නොමිලේ ඉගනගත්තු දැනුම දෙනවා කියන්නේ බෝසත් ගුණයක්..

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සිහිනයක අරුණළු

ඔබ........

ඔබ ගර්භනී මවක්ද එහෙනම් Amazon Baby Registry එකක් නිර්මාණය කරමු.