Kindle E-Reader
ආයුබෝවන් !
ඔන්න අද අපි කතාකරන්න යන්නේ "Kindle E-reader" එක ගැන. මොකක්ද මේ උපකරණය, මේකෙන් මොකක්ද කරන්නේ, මේක භාවිතා කරන එකේ වාසි අවාසි මොනවද කියලා අපි කතාකරමු.
Kindle E-reader කියන්නේ "Amazon.com" එකෙන් නිර්මාණය කරපු උපකරණයක්. මේක පොත් කියවන්න හදපු Electronic උපාංගයක්. මේක හරියට කියුවොත් අපි MP3 player කට සින්දුවක් download කරලා අහනවා වගේ පොත් download කරලා බලන්න පුළුවන් උපාංගයක්. මේක භාවිතා කරන අයට පුළුවන් පොත් ලක්ෂ ගණනක් "Amazon.com" හරහා කියවන්න. මේකෙදි කියන්න ඕනේ මේ පොත්වල pdf එක සාමාන්‍ය පොතේ ගානට වඩා ගොඩක් අඩුයි. ඒවගේම magazines, news papers වගේම internet යනන්ත් පුළුවන්. හරි අපි කල්පනා කලොත් මේ e -reader එකෙත් computer එකෙත් වෙනස මොකක්ද කියලා, එකේ වෙනස තින්නේ e -reader එකේ අකුරු display කරන technology එකේ තමයි. මේකේ battery life එක ගොඩාක් කාලයක් තියෙනවා සාමාන්‍යයෙන් සතියක් වගේ තියෙනවා කියල කියන්නේ. ඒවගේම මේක බරෙන් ගොඩක් අඩුයි. ඒ වගේම අතේ රඳවා ගන්නත් පහසුයි. ඉතින් මේක කියවීමට ගොඩක් ආස අයට බොහෝ වැදගත් උපකරණයක් මොකද ගමනක් යනකොට උනත්, මේක අරගෙන යන්න පුළුවන් ඒ වගේම පොත් දහස් ගණනක් මේකේ ගබඩා කරන්නත් පුළුවන්.
ඔන්න අපි දැන් බලමු මේකේ තියෙන අලුත් features මොනවද කියලා,
1. kindle එකකින් කියවනකොට ඔයාට ඇත්ත පොතක් කියවන විට එන හැගීම ගන්න පුළුවන්. Tab එකකින් කියවනකොට ඇසට දැනෙන වෙහෙස මේකෙන් දැනෙන්නේ නෑ.
2. Amazon එකෙන් කියනවා kindle e-reader එකේ display එකෙන් කිසිම විදියක ආලෝකයක් නිකුත් කරන්නේ නැති නිසා, ඔබට ඕනෑම වෙලාවක පොත් කියවන්න පුළුවන් ඔයාගේ නින්ද නැතිකරගන්නේ නැතිව කියල. මේක පොඩ්ඩක් සරලව කියුවොත්, එයාල කියනවා පරික්ෂයකින් සොයාගෙන තියෙනවලු Tablet සහා smart phone වල තියෙන backlit screen එකෙන් නිකුත් වන නිල් පාට ආලෝකය නිසා අපේ ශරීරයට නින්ද යාමට අවශ්‍ය වන හෝමෝන නිකුත් කිරීමට බාදාකරනවා කියලා.
3. ඒ වගේම ලෝකයේ දැන් බොහොම ප්‍රචලිත වන audiobook අහන්නත් මේ උපකරනයෙන්ම පුළුවන්.
4. ඔයාලට ගොඩක් පොත් kindle store එකෙන් free ගන්නත් පුළුවන්.
5. ඔයා English පොතක් කියවනවානම් වචනයක තේරුම හොයාගන්න dictionary feature එකකුත් තියෙනවා.
6. ඔය පොතක් කියවනකොට එකේ අකුරු වල font size වැඩි කරගන්නත් පුළුවන්.
මිට අමතරව තව ගොඩක් features තියෙනවා එත් ඒ ඔක්කොම ලියන්න ගියොත් ගොඩක් මේ post එක දික්වෙන නිසාත් මේකෙන් මම බලාපොරොත්තු උනේ පොත් කියවන්න ආස අයට අලුත් තාක්ෂණය ගැන අදහසක් දෙන්නයි. ඔයාලට මම මේකේ දාලා තියෙන වලින් ගිහින් වැඩි විස්තර දැනගන්නත්, ඔයා බලාපොරොත්තු වෙනවනම් මෙයින් එකක් මිලදීගන්න එකටත් අවස්තාවක් තියෙනවා.
ඕනෑම දෙක වාසි සහා අවාසි තියෙන නිසා ඔන්න දැන් මම කතාකරන්න යන්නේ මේකේ අවාසි ගැන.
1. මේකේ තියෙන රූප ඔක්කොම කළු සුදු.
2. සාමාන්‍යයෙන් අපි පොතක් අරගෙන කියවල ඉවර උනාම අපි තව කාටහරි දෙනවා ඒ පොත කියවන්න. හැබැයි මේකෙදි අපිට එහෙම කරන්න බෑ.
එහෙනම් අද post එක ඉවර කරන්නයි ලෑස්ති වෙන්නේ. මම උත්සහ කලේ ගොඩක් සරලව kindle e-reader එක ගැන ඔයාලට අදහසක් දෙන්න වගේම පොත් කියවන්න ආස අයට අලුත් දෙයක් හදුන්වා දෙන්න. ඉතින් ඔයාලත් දන්නා පොත් කියවන්න අස අනිත් අයටත් මේගැන දැනුවත් කරන්න අපේ බ්ලොග් එකට එකතු වෙන්න කියන්න. අපි අලුතෙන් "Smart Home" ගැන හා Satellite තාක්ෂණයෙන් පිටරට TV channel බලන්නේ කොහොමද කියන එක ගැනත් ලියන්න සුදානමින් ඉන්නේ.
Comments
Post a Comment