Posts

Showing posts from April, 2012

ඔබ........

චුටි කුරුළු පැටවු නා කපන වැස්ස ඉවරවෙලා ඉර පායනකම් ඉන්නේ කොච්චර ආසාවෙන්ද?... මාත් ඒවගේ ආසාවෙන් බලාගෙන ඉන්නේ ඔය ලස්සන හිනාව දකින්න.. මේ ජිවිතේදි නම් මට ඔයාව හිමි නෑ ඒක මම දන්නවා ඒත්...... එන හැම බවයකම ඔය මගේම වෙන්න කියල මම හමදාම ප්‍රාර්ථනා කරනවා සත්තයි....... ඒත් මේ හමදේම ඔයාට කියන්නෙ කොහොමද ???

අහිමි මල් කැකුළ......

සිතට දැනෙන සුව ඔබ දුටුවිට මල් දහස් ගනන් පිපුනාසේ සිතට දැනෙන දුක ඔබේ මල් සුවඳ මට අහිමී ලඳුනේ.... එක මල් උයනක මල් දෙකක් පිපෙනු බෑනේ.... හිතේ තියෙන දුක ඔබට කියන්නට මට ඉඩ කොයිදෝ......... දුරින් ඉදන් මම සුවඳ බලන්නම් එය සැපයකි ලඳුනේ... එන හැම බවයක මගේ මල් උයනේ මුළින් පිපෙනු ලඳුනේ...............