මතකයන් ඔබේ


කඳුළු වලින් දියකර ලන්නට
හදේ මැවුන සිතුවම් ඔබේ
මා හැඩුවා මදි තාමත්
ඇත ඔබේ සිතුවම් හදේ

ඇඳුනු සිතුවම් ඔබේ නමින්
මගේ හදේ සැමතැන ඉතිරිලා
යනෙන හැමතැන තනිව මම අද
අපේ පෙරදින මතකයන් මට සිහිකලා

ඉතින් කෙලෙසක මකාලන්නද
ඔබේ සිතුවම් මා හදින්
සිහින ලොවේදි ඔබ යලි ආවත්
නෑ යලි එන්නේ සැබැ ලොවේ

Comments

Popular posts from this blog

සිහිනයක අරුණළු

ඔබ........

ඔබ ගර්භනී මවක්ද එහෙනම් Amazon Baby Registry එකක් නිර්මාණය කරමු.