සිහිනයක අරුණළු

අඳුරු ලෝකෙට එළිය අරගෙන
සඳු නැගෙනවිට සුකුමල විලසට
පුංචි තරු මල් හිතේ සෝකෙන්
මාව නොපෙනෙයි සඳේ එළියට

අමාවක දා මගේ තනියට
පුංචි තරු විතරමයි  මට
කියා හිනැහෙන මලක ගී හඩ
ඇසේදෝ මේ පුංචි තරුවට

හිතේ සිරවී තිබුණු සිහිනය
සැබැවෙන සලකුණු දැනෙන විට
මතක්වේ පුංචි තරු මට
ලබාදුන් ඒ සියුම් ආලෝකය

කඳුළු විතරක් තනිය මැකු
සිතට සතුටක සේයාව ඇති
සිනහවක්  ගෙන පැලකරන්නට
එළිය දුන්නේ ඔබයි තරු මට

Comments

Post a Comment

Popular posts from this blog

ඔබ........

ඔබ ගර්භනී මවක්ද එහෙනම් Amazon Baby Registry එකක් නිර්මාණය කරමු.